ජාතික ආරක්ෂක කවුන්සිලය පසුගිය සතියේ අවස්ථා දෙකකදී රැස් වී ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලය පවතින තත්ත්වය හමුවේ භූමියේ සහ ශ්‍රී ලංකාවට අයත් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ඉරානයට මුල්ම ප්‍රහාරය එල්ල වූ 28 සෙනසුරාදාට පසුදින, එනම් මාර්තු 1 දා සහ 5දා මෙසේ කවුන්සිලය රැස් වී ඇති අතර, ජනාධිපති, අගමැතිනිය ඇතුළු සියලු ආරක්ෂක ප්‍රධානීන් මේ සඳහා සහභාගි වී ඇත. එහිදී ආරක්ෂාව තහවුරු කිරීම, හදිසි තත්ත්වයන්ට මුහුණ දීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ පොදුවේ සාකච්ඡා කර ඇති අතර, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සියලු දෙනාගේ එකඟතාව මත අවශ්‍ය තීන්දු ගෙන තිබේ.