නැවේ ආර­ක්ෂා­වට ඉරාන ජාතික සෙබ­ළුන් 15ක්

iris busheher 829680

පාන­දු­රට ඔබ්බෙන් ජාත්‍ය­න්තර මුහුදේ නවතා තිබි­යදී කොළඹ වරාය වෙත රැගෙන ආ ඉරාන IRIS BUSHEHR නෞකාවේ ඉරාන ජාතික නාවික සෙබ­ළුන් 15කින් යුත් පිරි­සක් එහි ආර­ක්ෂාව සඳහා තව­මත් රැඳී සිටින බව පොලී­සිය කියයි

IRIS BUSHEHR නෞකාවේ ඉරාන ජාතික නාවික හමුදා සෙබ­ළුන් 219 ක් සිටි අතර නෞකාවේ සහ නාවික සෙබ­ළුන්ගේ අනා­ර­ක්ෂිත තත්ත්වය පිළි­බඳ ශ්‍රී ලංකා රජය දැනු­වත් කිරී­මෙන් පසු හදිසි තත්ත්වය හා අනා­ර­ක්ෂි­ත­භා­වය සැල­කි­ල්ලට ගෙන IRIS BUSHEHR නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමු­දාවේ නාවික සෙබ­ළුන් සහ නාවික හමු­දා­වට අයත් යාත්‍රා යවා ඉකුත් 05 වැනි දින රාත්‍රී කොළඹ වරාය බණ්ඩා­ර­නා­යක පර්ය­න්තයේ අංක හතර පර්ය­න්තය වෙත රැගෙන එන ලදි

එහිදී නෞකාවේ සිටි ඉරාන නාවික හමුදා සෙබ­ළුන් 204කට අවශ්‍ය වෛද්‍ය ප්‍රති­කාර සහ ප්‍රථ­මා­ධාර සහ අවශ්‍ය ආහා­ර­පාන ලබාදී වැලි­සර නාවික හමුදා කඳ­වුර වෙත පිටත් කර හරිනු ලැබීය

ඔවුන් සිය­ලුම දෙනා පිරිමි පුද්ග­ල­යන්ය

2026 පෙබ­ර­වාරි මස 15 වැනි දින සිට 25 වැනි දින දක්වා ඉන්දීය නාවික හමුදා විසින් යුද්ධ නෞකා අභ්‍යා­ස­යක් පවත්වා ඇති අතර, ඒ සඳහා ඉරාන රජ­යට අයත් යුද්ධ නෞකා තුනක් සහ­භාගි වී ඇතැයි පොලී­සිය කියයි

මෙම යුද්ධ නෞකා අභ්‍යාස අව­සන් වීමෙන් පසු ඉරා­නය බලා පිට­ත්වී­මට සූදා­නම් වන අව­ස්ථා­වේදී ඇම­රි­කාවේ සහ ඊශ්‍රා­ය­ලය එක්ව ඉරාන රජ­යට එල්ල කරන ලද යුද්ධ ප්‍රහාර හමුවේ ඉන්දීය යුද්ධ අභ්‍යා­ස­යට පැමිණි ඉරාන රජ­යට අයත් IRIS DENA නෞකාව ටෝපිඩෝ ප්‍රහා­ර­ය­කට ලක් විය

එම ප්‍රහා­ර­යෙන් ඉරාන නාවික භට­යන් 84 දෙනකු මිය­ගිය අතර 32 දෙන­කුගේ දිවි බේරා ගැනී­මට ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමු­දා­වට හැකි විය. තවත් ඉරාන නාවික භට­යන් රැසක් අතු­රු­දන් විය.

IRIS BUSHEHR නම් නෞකාව අනා­ර­ක්ෂිත තත්ත්ව­යට පත්විය. ඉරාන රාජ්‍ය­යට අයත්ව තිබූ අනෙක් නෞකාව ඉන්දි­යාවේ වරා­යක් වෙත පිටව ගොස් තිබිණි

IRIS BUSHEHR නෞකාව ඇන්ජි­මක ඇතිවී තිබූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් ත්‍රිකු­ණා­මල වරාය වෙත ගෙන­යෑ­මට නොහැ­කිව ඊයේ (08) වන විටත් කොළඹ වරායේ නවතා තබා තිබිණි

එම සිදු­වීම සම්බ­න්ධ­යෙන් අලු­ත්කඩේ අංක 06 අධි­ක­ර­ණ­ය­ටද කරුණු වාර්තා කිරී­ම­ටද නිය­මි­තය.