තෙල් මිල ගණන් උස්සයි

Oil prices rise

මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක්.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 353ක් .

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ, රුපියල් 365ක්.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක් වෙයි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 13කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එහි නව මිල රුපියල් 195ක්.

එම නිවේදනය පහතින්.

image 2