හෘද සාක්ෂිය අනුව යුද්ධයට සහය දිය නොහැකි බව පවසමින් අමෙරිකා ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජෝ කෙන්ට් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය X සටහනක් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෝ කෙන්ට් එම ලිපියේ තවදුරටත් සඳහන් කර ඇත්තේ, ඉරානය එක්සත් ජනපදයට තර්ජනයක් නොවුණ බව ත් ට්‍රම්ප් පරිපාලනය මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලය සහ එහි ආධාරකරුවන්ගේ පීඩනය නිසා බව ත් ය.
ඔහු තවදුරටත් එම ලිපියේ සඳහන් කර ඇත්තේ, තමන් මීට පෙර ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිවලට සහාය දුන් බව ත් පසුගිය වසර වන තෙක් මැද පෙරදිග යුද්ධ මගින් ඇමරිකානුවන්ගේ වටිනා ජීවිත අහිමි වීම සහ අපගේ ජාතියේ ධනය හා සමෘද්ධිය ක්ෂය වීම පිළිබඳව ට්‍රම්ප් තේරුම් ගනීවි යැයි තමා විශ්වාස කළ බව ත් ය.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදී ම ඊශ්‍රායලයේ උසස් නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවේදීන් එක්ව ඉරානය අමෙරිකාවට ක්ෂණික අනතුරක් යැයි ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බව ඔහු එම ලිපියේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමගින් ට්‍රම්ප්ගේ පළමුව අමෙරිකාව (America First) ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම යටපත් කර ඉරානය සමග යුද්ධයකට අවශ්‍ය වටපිටාව සකස් කළ බව කෙන්ට් එම ලිපියේ සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරට ත් වාර්තා කරයි.