අපි මේ යුද්දෙ ට නෑ – යුරෝපා සංගමය කියයි

kaja kallas

යුද්ධයේ අවසන් අරමුණ එය ආරම්භ කළ අය විසින් පැහැදිලි කර කිව යුතුව බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානි කාජා කලාස් පවසයි.

මෙම යුද්ධයේ දේශපාලනික අරමුණ අපැහැදිලි බව ත් එනමුත් දහස් ගණනින් අහිංසක ජනතාව ඝාතනය කිරීම සුවිශාල ගැටලුවක් වී තිබෙන බව ත් ඇය කීවාය.

ඒ අනුව, ඇය අවධාරණය කළේ, යුරෝපය මෙම යුද්ධය ආරම්භ නොකළ බව ත් එහි කොටස්කරවෙකු නොවන බව ත් ය.

ඉරානය විසින් යුද්දයේ බර ලෝක ආර්ථිකය දෙසට යොමුකර බර තබා ඇති බව යුරෝපා සංගම් නියෝජිතවරිය කීවාය.

එහෙත් හෝමුස් සමුද්‍ර සන්දිය වසා තිබෙන පසුබිමක වුව එම ගැටලුව යුද්දයක් සිදුකර අවසන් කිරීමට යුරෝපය බලාපොරොත්තු නොවන බව ඇය ප්‍රකාශ කළා ය.