එමින් තියෙන නැව් මෙන්න

dr nalinda jayatissa 787062

ඩීසල් මෙ.ටො. 37,000ක් රැගත් නෞකාවක් එළැඹෙන මාර්තු 25වැනිදා ළඟවීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියි.

ඉන්ධන සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (22) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී ඇමැතිවරයා කියා සිටියේ,

“මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි” යැයි පැවසීය.

මාර්තු 17 වෙනිදා යොමුකළ ටෙන්ඩරයට අනුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.

“අප්‍රේල් 6,7,8 – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්‍රේල් 12 සහ 13 – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් 10 සහ 11 – ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
අප්‍රේල් 16 සහ 17 – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්” යනුවෙනි.