පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට ලබාදීමට රුසියාව එකඟතාව පළකර තිබේ. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමැති රෝමන් මාෂර්වින් මහතා රජයේ පාර්ශ්වය සමඟ ඊයේ (26) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කළේය.
ඒ අනුව, ඉදිරියේදී පිරිපහදු කළ පෙට්‍රල් සහ ඩීසල්, රුසියාවෙන් මෙරටට ලැබීමට නියමිතය. ඉන්ධන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා විශ්වාසය පළ කළේය.
රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා සහ දූත පිරිසක් ඊයේ (26) දිවයිනට පැමිණි අතර, මෙම එකඟතාව ඇතිවී තිබෙන්නේ එම සංචාරය අතරතුර සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.