ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති නවෝත්පාදනය පිළිබඳ සාකච්ඡා සඳහා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී ජාත්‍යන්තරව පිළිගත් ආර්ථික විද්‍යාඥයකු වන එලේනා පැනරිටිස් මහත්මිය හමුවිය. මෙම හමුව සඳහා රියාඩ් රිෆායි මහතා, අචාර්‍ය ප්‍රසන්න පෙරේරා මහතා සහ චරන කනංකගමගේ මහතාද එක් විය.
ශ්‍රී ලංකාවේ දිගුකාලීන වර්ධනයට සහාය වීම සඳහා පාලන පද්ධති ශක්තිමත් කිරීම, ආර්ථික ස්ථාවරත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති විසඳුම් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳ ව මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර මුඛය වශයෙන් අවධානය යොමු කළ බව විපක්ෂ නායක මාධ්‍ය අංශය පවසයි.
මේ අතර සමගිජන බලවේගය නියෝජනය කරන ආර්ථිකය සම්බන්ධ ප්‍රධාන චරිත තුන ලෙස සැලකෙන කබීර් හෂීම්,හර්ෂ ද සිල්වා,එරාන් වික්‍රමරත්න යන කිසිවෙකු මේ හමුවට සම්බන්ධකරගෙන නැති අතර ඒ පිළිබඳව බොහෝ දෙනා තුල කුකුසක් එයගෙන තිබේ.
