බිමල්ගෙන් සුපිරි ගේමක්. අර්බුද ඇතත් නැතත් රුසියාව බලශක්තිය දෙන්න ලෑස්තියි.

659687588 1488973832584391 6631188559178897626 n

අර්බුද ඇතිවුවත් නැතත් ඉන්ධන, ගෑස්, ගල්අඟුරු ඇතුළු බලශක්ති ප්‍රභවයන් මෙරටට ලබාදීමට රුසියාව සිය කැමැත්ත පළකර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, අමාත්‍ය බිමල් රත්නායක මහතා සිදුකළ රුසියානු සංචාරයේ එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රමන් මර්ශාවින් මේ බව සහතික වී ඇති බවය.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සිදුකරන අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහා කරනු ලබන සහාය අඛණ්ඩව ලබාදීමටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික වී තිබේ.

මේ අතර මැදපෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් මෙරට බලශක්ති සැපයුමට අදාළව පැන නැගී ඇති ගැටළු නිරාකරණයට සිය රටේ උපරිම සහය ලබාදෙන බව පැවසූ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට දැනට අවශ්‍ය ඉන්ධන සැපයීමත් ඉදිරියේදී ඇතිවිය හැකි හිඟතාවන් පියවීමටත් සිය සහය නොඅඩුව ලබාදෙන බවත්ටත් එකඟවී ඇත.

ඒ අනුව අප්‍රේල් සහ මැයි මාසවලට අවශ්‍ය ඉන්ධන සැපයීම සිදුකල හැකි බවත් ඔහු පවසා තිබේ.

අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රුසියානු සමාගම් සහ ලංකා ඛණිජ තෙල් තීනිගත සංස්ථාව සමග ගිවිසුම්ගතව ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පහසුකම් සපයන බවද පැවසීය. 

එමෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාව සඳහා භාවිතකරන ගල්අඟුරු සැපයීමට සිය රට සූදානම් බවද හෙතෙම මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සංවර්ධන මාවත යතාර්ථයක් වනු දැකීම සිය රටේ කැමැත්ත බවත්, වත්මන් රජය ගෙනයන තිරසර සංවර්ධන ව්‍යාපෘති සඳහා රුසියානු රාජ්‍යයේ අඛණ්ඩ සහය ලබාදෙන බවත් මෙහිදී ප්‍රකාශ වී තිබේ