තියන්න තිබ්බේ මෝඩයාගේ දවසේ. රාජපක්ෂලාට සුදුහුණු ගාන වැඩක්. සජිත්ල,සාගලලා ගැනත් කනගාටුයි. ගම්මංපිලගේ උත්සවයට නවීන්ගෙන් දරුණු ප්‍රහාරයක්

468808802 10162877333500757 767872463036185723 n

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත පොත එළිදැක්වීමේ උත්සවය හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා විවේචනය කර තිබුණිාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල විසින් රචිත පොත එළිදැක්වීමේ උත්සවය හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා විවේචනය කර තිබුණි.

සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, එය ‘රාජපක්ෂලා සුදු හුනු ගෑමේ’ උත්සාහයක් බවයි.

පාස්කු ප්‍රහාර පිටුපස සිටින ‘මහ මොළකරු’ හෙළිදරව් කිරීම සඳහා මෙම උත්සවය පැවැත්වූ නමුත්, හඳුනාගත් පුද්ගලයා සහරාන් හෂීම් බවත්, ඔහු ජනාධිපති කොමිෂන් වාර්තාවේ දැනටමත් නම් කර ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

ඊයේ පැවති උත්සවය උත්ප්‍රාසාත්මක බවත්, එය ‘අප්‍රේල් මෝඩයාගේ දිනයේ පැවැත්විය යුතුව තිබූ දෙයක්’ ලෙස ඔහු තවදුරටත් එහි අදහස් දක්වා තිබුණ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ තලතා අතුකෝරල ඇතුළු විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු මෙම උත්සවයට සහභාගී වීම ගැන තමා කනගාටු වන බවද ඔහු කියා සිටියේය.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර පාස්කු ප්‍රහාරය ගැන කරන ලද ප්‍රකාශයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබුණි.