කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

1775111116 image 02

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීම සඳහා සුවිශේෂී කරුණු අනාවරණය වී නැතැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකාර කපිල චන්ද්‍රසේන තවදුරටත් අප්‍රේල් මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මෙහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර, එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ ගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.