අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගන්නේ මෙහෙමයි

whatsapp image 2022 07 03 at 10.38.32 pm

2026 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.  

මාර්තු මස 31 වෙනිදාට අදාළව නිකුත් කර ඇති 09/2026 මෙම චක්‍රලේඛය අනුව 5 සහ 6 ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබයි.

ඒ අනුව, 2026.01.31 දිනට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවත්නා පුරප්පාඩු මේ සමග අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ්  අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.

එම පුරප්පාඩු සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලු ම අයදුම්කරුවන් 09/2026 චක්‍රලේඛයෙහි  සඳහන් අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2026.04.27 දිනට පෙර සියලු අතිරේක ලේඛන ද සමඟ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය.