ගම්මන්පිලගේ පොතේ වැඩෙන් සජබ සීසීකඩ වෙයි.

hezfbj2boaav8mc

උදය ගම්මන්පිලගේ පොත එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු සමගි ජනබලවේගයේ නියෝජිතයින් ඒක්ව සිටීම පිළිබඳව අතිශය බරපතල විවේචනයක් එල්ල වී තිබෙන බව පැවසේ. ගම්මන්පිලගේ පොත එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නොගිය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

සජිත් ප්‍රේමදාස අදාළ උත්සවයට සහභාගී වීම සම්බන්ධයෙන් ජනමධ්‍යවේදීන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින් බණ්ඩාර මේ බව සඳහන් කළේය.

“එතුමාගෙන් තමයි අහන්න ඕනේ. මම හිතන්නේ එතුමා නෙමෙයි ගියේ. මට පේන්නේ AIවලින් එතුමාව දාලද කොහෙද? එතුමාට එතනට යන්න බෑ. මම විශ්වාස කරන්නේ නෑ එතුමා ගියා කියලා. වෙන්න බෑනේ. එතුමා කොහොමද එතනට යන්නේ…?” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර එම උත්සවයට යෑම ගැන සජිත්ට ලොකු ප්‍රතිරෝධයක් දක්වා තිබුණේ මුජිබර් රහුමාන් ඇතුලු මුස්ලිම් මන්ත්‍රීවරු බවත් ඊට අමතරව නලින් බණ්ඩාර වැනි අයද මේ ගැන විරෝධය පලකර ඇති බවත් වාර්තා වේ.

මෑතක සිට සමගි ජනබලවේගය අතිශය ජාතිවාදී තැනකට ගුබ්බෑයම්ගත වෙමින් සිටින බවත්, සජිත් ප්‍රේමදාස දිලුම් අලගියවන්න වැනි අයෙකුගෙන් ජාත්‍යන්තර උපදෙස් ගනිමින් සිටින බවනත් පැවසේ.

මේ අතර, ස්ථාවරයක් නොමැතිව වැරදි දේශපාලන උපායන් තේරීම පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තරයේ දැඩි විවේචනයක් හටගෙන ඇති බවත් වාර්තා වේ.