සටනට විරාමයක්!

pakistan cannot be another iran scaled

ශිෂ්ටාචාරයක් වනසා මිහිපිිට අපාය බවට ඉරානය පත් කරන බවට ශපත කළ ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙහෙරානයෙන් කරුණු 10 ක යෝජනාවක් ලැබීමෙන් පසු සති දෙකක සටන් විරාමයකට එකඟ වී තිබෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘සම්පූර්ණ ශිෂ්ටාචාරයක්ම’ මිය යනු ඇතැයි ඔහු ප්‍රකාශ කළ අවසාන මොහොතට පැය දෙකකටත් අඩු කාලයකට පෙර මෙම නිවේදනය නිකුත්ව තිබේ.

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සමඟ කළ සංවාදවලින් පසුව, ඉරානයට බෝම්බ හෙලීම සහ ප්‍රහාරය සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට එකඟ වූ බවත් මෙම සටන් විරාමය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණ, ක්ෂණික සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරාන ඉස්ලාමීය ජනරජයේ එකඟතාවයට යටත්ව බවත් ඔහු පවසයි.

ඊශ්‍රායලය සටන් විරාමයට සහය දක්ව නමුත් එයට ‘ලෙබනනය ඇතුළත් නොවේ.ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක සටන් විරාමයට අනුව ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සිදුවන අතර,එය කෙතරම් කඩිනමින් සිදුවේද කියා නිෂ්චිත නැත.

පසුගිය සති කිහිපය තුළ පකිස්ථානය, දෙපාර්ශවය අතර පණිවිඩ හුවමාරු කරමින් ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කළ අතර,පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා Xහි පළ කළේ, “රාජ්‍ය තාන්ත්‍රික උත්සහයන්… නුදුරු අනාගතයේදී සැලකිය යුතු ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව ඇති ස්ථාවරව, ශක්තිමත්ව සහ බලගතු ලෙස ඉදිරියට යමින් පවතින” බවයි, ඔහු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ සති දෙකකට ප්‍රකාශිත අවසන් කාලසීමාව දීර්ඝ කරන ලෙසත්, එම කාලය සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙසත් ය.

පකිස්ථානයේ ඉරාන තානාපති රේසා අමිරි මොගදම්, දේශීය වේලාවෙන් අලුයම 03:00ට පමණ Xහි පළ කළේ “තීරණාත්මක, සංවේදී අවධියකින් පියවරක් ඉදිරියට ගොස් ඇති” බවයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහාය පළ කර ඇත.

කෙසේ නමුත් අදාළ සටන් විරාමයට ‘ලෙබනනය ඇතුළත් නොවේ’ යැයි සදහන් කර තිබේ.

අමෙරිකානු-ඉරාන සටන් විරාමය පිළිබඳව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“ඉරානය වහාම සමුද්‍ර සන්ධිය විවෘත කර අමෙරිකාව, ඊශ්‍රායලය සහ කලාපයේ රටවලට එල්ල වන සියලුම ප්‍රහාර නතර කළහොත් ඉරානයට එරෙහි ප්‍රහාර සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට ඊශ්‍රායලය සහාය දක්වයි” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

“ඉරානය තවදුරටත් අමෙරිකාව, ඊශ්‍රායලය, ඉරානයේ අරාබි අසල්වැසියන් සහ ලෝකයට න්‍යෂ්ටික, මිසයිල සහ ත්‍රස්තවාදී තර්ජනයක් එල්ල නොකරන බව සහතික කිරීමට එක්සත් ජනපද උත්සාහයට ඊශ්‍රායලය ද සහාය දක්වයි. ඉදිරි සාකච්ඡා වලදී එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊශ්‍රායලයේ කලාපීය රටවල් විසින් බෙදා ගන්නා මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමට තමන් කැපවී සිටින බව එක්සත් ජනපදය ඊශ්‍රායලයට පවසා තිබේ,” යනුවෙන් ද එහි සඳහන්ව ඇත.