ආණ්ඩුව රනිල්ගේ කලිසම ඇඳගෙන ලු.

517673910 1284700559679620 8263520367533469369 n

රනිල් වික්‍ර­ම­සිංහ – සජිත් ප්‍රේම­දාස මහ­ත්ව­රුන්ගේ දීගය කව­දා­වත් සිදු නොව­න බව දෙවන පර­පුර නායක උවිඳු විජේ­වීර පැව­සීය. ඒ අතර ඔහු ආණ්ඩුවටද ප්‍රහාරයක් එල්ල කළේය.

“පොරොන්දු රාශි­යක් ජන­තා­වට දීලා ආපු ආණ්ඩුවේ පොරොන්දු එකින් එක ගිලි­හෙ­මින් තිබෙ­නවා. දැන් තෙල් ලීට­ර­යක් ගහන්න රුපි­යල් 500ක් අරන් යන්න ඕනෑ. ඒ වගේම ගල්අ­ඟුරු ගෙනල්ල වුණු පාඩුව ජන­තා­වගේ කර මත පට­වන එක තමයි විදුලි බිල වැඩි කරලා කරන්නේ. මේ ආණ්ඩුව යන්නෙ අයි­එ­ම්එෆ් එක යන පාරේ. ජන­තා­වගේ බෙල්ල මිරි­කලා සල්ලි හොය­න්නයි මේ හදන්නේ.

අපි මේ ආණ්ඩු­වෙන් අහ­නවා ඔබට සදා­චා­රා­ත්මක අයි­ති­යක් ති‍ෙය­න­වද මේ විදි­හට ජන­තාව පීඩා­වට පත්ක­රන්න. රනිල්ගෙ කලි­සම ඇඳ­ගෙන රනිල් එක්ක යන ගම­නක් මේ තියෙන්නේ. අපි ආණ්ඩු­වට කිය­නවා විදුලි බිල වැඩි කරලා ජන­තාව අප­හ­සු­තා­වට පත්ක­රන්න එපා. ඉස්සර ආණ්ඩු ගෙදර යැව්වේ වග­කි­ව­යුතු පිරිස් හොරා කාලා සල්ලි සාක්කුවේ දාගත්ත නිසා. මේ ආණ්ඩුව හොර­කම් කරන්නෙ නෑ, හැක් වෙනවා හැම තැනම.