ලොකු වැඩකට අත ගහන්න ආණ්ඩුකරු ජනපතිගෙන් අවසර ඉල්ලයි

hihlfncakaihlev

ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම යන දෙකම එකවර දැරීම අපහසු බවත් එබැවින් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්ව විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස වගකීම ඉටුකිරීම උදෙසා සිය කැමැත්ත ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ අතිගරු ජනාධිපතිතුමා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත්කරන තෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවයි.
විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා සිය ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට දරන ස්වේච්ඡා තනතුරේ හිඳ කටයුතු කිරීම සිය අරමුණ බවද හෙතෙම පවසයි.

hihlfodakaapwrf

2024 සැප්තැම්බර් මාසයේදී ඔහු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලදී. පසුව 2025 ඔක්තෝම්බර් මාසයේදී ඔහුට විදේශ ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිත තනතුර ද හිමිවිය.

අන්‍යොන්‍ය ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාරික හවුල්කාරීත්වයන් අපේක්ෂා කරන වැදගත් ආයෝජකයන්ට, පාරදෘෂ්‍ය භාවය අත්‍යාවශ්‍ය වන්නේය. පාරදෘෂ්‍ය භාවයට සහ වගවීමට ප්‍රමුඛත්වය දීමෙන්, දීර්ඝකාලීන සංවර්ධන අභිලාෂයන් සමග බද්ධ වන සහ ආයෝජන මත ප්‍රතිලාභ ජනනය කිරීමේ සමත් විදේශ ආයෝජකයන් ලංකාවට ආකර්ශණය කරගත හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික භූ-දර්ශනයට, පාරදෘෂ්‍ය පාලනය කෙරෙහි වන කැපවීම අත්‍යාවශ්‍ය කෙරේ. එය, විදේශීය පරදු දරන්නන්ට වැඩදායී වෙනවා පමණක් නොව, අපේ රට ශක්තිමත් ආර්ථික මට්ටමක් වෙත ගෙන යාමටත් උපකාරී වන්නේය. රටේ ආර්ථික වර්ධනයට තල්ලුවක් දෙන ආකාරයෙන්, තිරසාර සෘජු විදේශ ආයෝජන නිසියාකාරයෙන් සේවයේ යෙදවිය හැක්කේ එවැනි පසුබිමක ය.

hanif yusoof 1200x675px 31 10 25

ගෝලීය ආයෝජන හවුල්කාරීත්වය සම්බන්ධයෙන් හනීෆ් යූසුෆ් මහතා සතු අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සංවර්ධනය සඳහා ඔහු දැක්වූ දිගුකාලීන දායකත්වය සැලකිල්ලට ගෙන ඔහුට ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජන පිළිබඳව ජනාධිපති විශේෂ නියෝජිත තනතුර ලබාදුන්නේය.

එවැනි තත්වයක් සඳහා සිය කුසලතාවය කැප කිරීමට හනීෆ් යූසූෆ් මහතා සමත් වනු ඇත්නම් එය රටට අගයකි.

ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක් වන එක්ස්පෝලංකා (Expolanka) සමාරම්භකයෙකු වන ඔහු, එම සමාගම ජාත්‍යන්තර ලොජිස්ටික් ජාලයක් දක්වා වර්ධනය කිරීමට දැවැන්ත මෙහෙයක් ඉටු කළේය.

හනීෆ් යූසුෆ් යනු ලොජිස්ටික්ස් සහ සැපයුම් දාම කළමනාකරණය (Supply Chain Management) පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති, ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකි.