වර්ධනය වන ප්‍රවාහන පිරිවැයට විසඳුමක් ලෙස, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී (Asia Asset Finance PLC) දිවයින පුරා සිටින ස්ථාවර තැන්පතු පාරිභෝගිකයින් සඳහා නොමිලේ PickMe ප්‍රවාහන පහසුකම් ලබා දෙයි

whatsapp image 2026 05 27 at 8.00.41 am

දිවයින පුරා විසිරී සිටින තම ස්ථාවර තැන්පතු (Fixed Deposit) පාරිභෝගිකයින් වෙනුවෙන්, ඔවුන්ගේ නිවසේ සිට ළඟම ඇති ඒෂියා ඇසට් ෆිනෑන්ස් ශාඛාව වෙත පැමිණීමට සහ නැවත නිවස බලා යාමට නොමිලේ PickMe ප්‍රවාහන පහසුකම් සැලසීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී පියවර ගෙන ඇත. පාරිභෝගිකයින්ට පවතින හැකියාව මත PickMe යෙදවුම (App) හරහා තමන් කැමති ඕනෑම වාහන වර්ගයක් තෝරාගත හැකි බැවින්, මෙමගින් ඔවුන්ගේ ස්ථාවර තැන්පතු ගනුදෙනු වඩාත් පහසු, සුවපහසු සහ පාරිභෝගික හිතකාමී වනු ඇත. මේ සඳහා කොන්දේසි අදාළ වේ.

ඉන්ධන මිල ඉහළ යාම, ප්‍රවාහන පිරිවැය වැඩිවීම, දැඩි රථවාහන තදබදය සහ බොහෝ නගරවල පවතින සීමිත වාහන නැවැත්වීමේ පහසුකම් හේතුවෙන් ශාඛාවක් වෙත පැමිණීම බොහෝ විට පාරිභෝගිකයින්ට අමතර අභියෝගයක් වී තිබේ. මෙම ප්‍රායෝගික ගැටලුව හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ වඩාත්ම පිළිගත් ඩිජිටල් ප්‍රවාහන සේවා වේදිකාවක් වන PickMe සමඟ අත්වැල් බැඳගනිමින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ප්‍රවාහන විසඳුමක් හඳුන්වා දෙයි.

වත්මන් මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ, පාරිභෝගික පහසුව යන්න විශ්වාසය, කාලෝචිතභාවය සහ සේවා විශිෂ්ටත්වය මැනීමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. පාරිභෝගිකයින් දැන් මූල්‍ය සහකරුවෙකු තෝරා ගන්නේ පොලී අනුපාත මත පමණක් නොවේ. ඔවුන් ප්‍රවේශවීමේ හැකියාව, ආරක්ෂාව, කාලය, සුවපහසුව සහ විශ්වාසදායක ආයතනයක් සමඟ ගනුදෙනු කිරීමේ සමස්ත අත්දැකීම කෙරෙහි ද අවධානය යොමු කරයි. මෙම මුලපිරීම පාරිභෝගික ගමනේ පවතින සැබෑ බාධකයක් ඉවත් කරමින් එම අපේක්ෂාවන්ට සෘජුවම ප්‍රතිචාර දක්වයි.

බොහෝ පාරිභෝගිකයින්ට, විශේෂයෙන් නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල වෙසෙන අයට, ශාඛාවකට පැමිණීම යනු ප්‍රවාහන සැලසුම් කිරීම්, ඉන්ධන වියදම්, රථවාහන ප්‍රමාදයන්, වාහන නැවැත්වීමේ අපහසුතා මෙන්ම රැකියාවෙන් හෝ පවුලේ වගකීම්වලින් කාලය වෙන් කරවා ගැනීම වැනි කරුණු රාශියක් ඇතුළත් ක්‍රියාවලියකි. එසේම ප්‍රවාහන අපහසුතා දෛනික ජීවිතයට බලපාන ආකාරය ශ්‍රී ලාංකිකයන් හොඳින් අත්දකින ලදී. ඉන්ධන අර්බුද සමයේ පැවති දිගු පෝලිම්, QR කේතය මත පදනම් වූ ඉන්ධන පංගු, සීමිත ප්‍රවාහන විකල්ප සහ ගමනාගමනය පිළිබඳ පැවති අවිනිශ්චිතභාවය මගින් අත්‍යවශ්‍ය සේවාවන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ වැදගත්කම මැනවින් පෙන්නුම් කළේය.

මෙම නව වැඩපිළිවෙළ හරහා, ස්ථාවර තැන්පතු පාරිභෝගිකයෙකුට PickMe රථයක් වෙන්කරවා ගෙන, තම නිවසේ සිට ළඟම ඇති ඒෂියා ඇසට් ෆිනෑන්ස් ශාඛාව වෙත පැමිණ, අවශ්‍ය ලේඛන කටයුතු නිම කර, ස්ථාවර තැන්පතුව ආරම්භ කර නැවත ඉතා පහසුවෙන් නිවස බලා යා හැකිය. පාරිභෝගිකයින්ට ඔවුන් කැමති වාහන වර්ගයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දීමෙන්, විවිධ පාරිභෝගික අවශ්‍යතා සහ සුවපහසු මට්ටම්වලට ගරු කරන නම්‍යශීලී සහ පෞද්ගලික වටිනාකමක් සහිත අත්දැකීමක් නිර්මාණය කිරීමට ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී කටයුතු කර ඇත.

මෙම මුලපිරීම ආයතනයේ උපායමාර්ගික චින්තන නායකත්වය (Thought Leadership) ද මැනවින් පිළිබිඹු කරයි. මූල්‍ය සමාජීයකරණය (Financial inclusion) යනු ආකර්ශනීය නිෂ්පාදන, තරඟකාරී පොලී අනුපාත පිරිනැමීම හෝ ශාඛා ජාලය පුළුල් කිරීම පමණක් නොවේ. එය පාරිභෝගිකයින්ට වැදගත් මූල්‍ය තීරණ ගැනීමට බාධාවක් වන ප්‍රායෝගික ගැටලු ඉවත් කිරීම ද වේ. සැබෑ පාරිභෝගික කේන්ද්‍රීය සේවාවක් ආරම්භ වන්නේ පාරිභෝගිකයා ශාඛාවට ඇතුළු වීමටත් පෙර සිට වන අතර, එය ගනුදෙනුව අවසන් වූ පසුව ද අඛණ්ඩව පවතී.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විවිධ වාහන කාණ්ඩ යටතේ App-පදනම් කරගත් ප්‍රවාහන විසඳුම් ලබා දෙන, වඩාත්ම හුරුපුරුදු තාක්ෂණික ප්‍රවාහන වේදිකාවක් බවට PickMe පත්ව ඇත. එහි ශක්තිමත් ඩිජිටල් තාක්ෂණය, පාරිභෝගික පිළිගැනීම සහ දේශීය ප්‍රවාහන පද්ධතිය තුළ ඇති ස්ථාවර පැවැත්ම, පහසුව සහ ප්‍රවේශවීමේ හැකියාව කේන්ද්‍ර කරගත් මෙවැනි වැඩපිළිවෙළක් සඳහා එය කදිම සහකරුවෙකු බවට පත් කරයි.

වසර 55කට වැඩි අභිමානවත් ඉතිහාසයක්, දිවයින පුරා පැතිරුණු 100කට අධික ශාඛා ජාලයක්, රුපියල් බිලියන 50කට අධික වත්කම් පදනමක්, Fitch A+(lka) ශ්‍රේණිගත කිරීමක් සහ මුතුට් ෆිනෑන්ස් (Muthoot Finance) හි ගෝලීය ශක්තියේ අනුග්‍රහය සහිතව, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය, ස්ථාවර සහ පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය ආයතනයක් ලෙස තම ස්ථානය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සිටියි.

මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer) රොෂාන් ගුණසේකර මහතා මෙසේ පැවසීය:

“ඒෂියා ඇසට් ෆිනෑන්ස්හිදී අප විශ්වාස කරන්නේ පාරිභෝගික පහසුව යන්න මූල්‍ය විසඳුමේම කොටසක් ලෙස සැලකිය යුතු බවයි. මෙම නොමිලේ PickMe ප්‍රවාහන සේවා මුලපිරීම හරහා, අප අපගේ සේවාව ශාඛාවෙන් ඔබ්බට ගෙන යමින්, පාරිභෝගිකයාගේ නිවසේ දොරකඩ සිට ශාඛාව වෙත සහ නැවත නිවස වෙත යන තෙක් ඔවුන්ට සහයෝගය ලබා දෙනවා.”

විශ්වාසනීය ස්ථාවර තැන්පතු විසඳුම්, දිවයින පුරා විහිදුණු ප්‍රවේශය, ඩිජිටල් සක්‍රීයකරණය සහ පාරිභෝගිකයාට මුල් තැන දෙන සේවා වැඩිදියුණු කිරීම් හරහා, ඒෂියා ඇසට් ෆිනෑන්ස් පීඑල්සී “ජනතාව සබල ගැන්වීම සහ ජීවිත පරිවර්තනය කිරීම” (Empowering People and Transforming Lives) යන තම සන්නාම පොරොන්දුව අඛණ්ඩව ඉටු කරයි.