ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් සිව් අවුරුදු විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ වන 5 වන සහ 6 වන සමාලෝචනය ඒකාබද්ධව අවසන් කිරීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹ තිබෙයි.
මෙම වැඩසටහන 2023 මාර්තු 20 දින විශේෂ ගැනුම් හිමිකම් බිලියන 2.3 ක (ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පමණ) මුළු මුදලක් සඳහායි IMF විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත
විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට විශේෂ ගැනුම් හිමිකම් (SDR) මිලියන 508 ක (ඩොලර් මිලියන 700 ක පමණ) මුදලක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන අතර, ඒ අනුව මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය SDR මිලියන 1,778 කි. (ඩොලර් බිලියන 2.4 ක් පමණ)
2025 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 5%ක වර්ධනයක් පෙන්නුම් කෙරිණි.
2026 මාර්තු අවසානය වන විට නිල විදේශ සංචිත ඩොලර් බිලියන 7 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 2025 වසරේ මූල්‍ය ක්‍රියාකාරීත්වය ශක්තිමත් වීම විශේෂත්වයකි.