සමගි ජන බලවේගයේ මැයි රැළියට එක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරනු ලැබීය.
ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් රටේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන මේ මොහොතේ මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන, රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදා කරන වැඩපිළිවෙළක් සඳහා ප්‍රධානතම පියවර තබන්නට සමගි ජන බලවේගය අපේක්ෂා කරන බවත් දැනටමත් ක්‍රියාත්මක යල්පැනගිය මජර දේශපාලන සංස්කෘතියට තිත තබන දැනට ක්‍රියාත්මක දේශපාලන සූදුවෙන් ඉවත්ව ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන මැද මාවතක් තුළින් සමාජ ප්රජාතන්ත්රවාදය තුළින් සමාජ වෙළෙදපොළ ආර්ථිය තුළින් ඉදිරියට යාමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ අතර,පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් මේ සම්බන්ධව ලිපියක් මගින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය වෙත දන්වා යවා ඇත.
මෙවර සමගි ජන බලවේග මැයි දින රැළිය මැයි මස 01 දින මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරමින් යවා ඇති මෙම ලිපිය තුළින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කර ඇත්තේ රට හමුවේ ගොඩනැගී ඇති අභියෝග හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීමේ කාලය එළැඹ ඇති බවය.
ඒ අනුව මෙවර මැයි දින රැළිය සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂයටද මෙම මැයි දින රැළිය සඳහා ආරාධනා කිරීමට තීරණය කළ බවද අදාළ ලිපිය මගින් සමගි ජනබලවේග පක්ෂ මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය වෙත දන්වා යවා ඇත.