තුන්කොන් සටනක් සමඟ ඡන්දයක් අතළඟ

image 9baebf23b6(1)

පළාත් සභා මැතිවරණය මෙම වසර තුළ පවත්වන්නට ආණ්ඩුව තීන්දුකොට ඇතැයි වාර්තා වේ.ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණය දැනට දින නියමයක් නොමැතිව කල් දමා ඇති අතර, එය පැවැත්වීමට අදාළ මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම සහ අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර ඇත. අවසන් වරට මෙම මැතිවරණය 2017න් පසු පවත්වා නොමැත.

මේ අතර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සිකුරාදා (15) පැවසීය.“මේ වසර තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙනවා. එය ප්‍රමාද වීම ගැන කරදර වෙන්න අවශ්‍ය නෑ“පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා. අපිට දිට්වා තිබ්බා. මේ අවුරුද්ද ඇතුළත පළාත් සභා ඡන්දය තියෙනවා. බය වෙන්න එපා. කොයි කාලයේද කියලා කියන්න බෑ. අමාත්‍යාංශයනේ කරන්නේ. මේ අවුරුද්ද ඇතුළත තියෙනවා කියන අදහසේ තමයි අපි ඉන්නේ.” යැයි ඇමැති අබේසේන පැවසීය.

මැතිවරණය පැවැත්වුවහොත් බොහෝවිට එය තුන්කොන් සටනක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.