පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත රාජ්ය පාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිලිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව අනුමත කර තිබෙනවා.
එළඹෙන 17 වන දින පාර්ලිමේන්තුවට දෙවනවර කියවීමට ඉදිරිපත් කරන මෙම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු 1982 සහ 1990 වසරවල සංශෝධිත පනත් යටතේ විශ්රාම වැටුප් ලැබූ සියලුම හිටපු මන්ත්රීවරුන්ට විශ්රාම වැටුප් අහිමි වනු ඇත.