චෙම්මනි කණින්න මුදල් නෑ

0faf2e50 8960 11f0 84c8 99de564f0440.jpg

චෙම්මනි සමූහ මිනී වළේ තුන්වැනි අදි­යරේ කැණීම් කට­යුතු සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් මෙතෙක් ලබා දී නැත.

ලබන 27 වැනිදා තුන්වැනි අදි­යරේ කැණීම් කට­යුතු ආරම්භ කිරී­මට නිය­මි­තව තිබු­ණද, මෙසේ මුදල් අනු­මත නොකි­රීම හේතු­වෙන් ඒ කට­යුතු අදාළ දින­යේදී සිදු කිරීම ගැට­ලු­වක් වී තිබේ. මේ සම්බ­න්ධ­යෙන් අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට සිහි­කැ­ඳ­වී­මක් කරන ලෙස යාප­නය මහේ­ස්ත්‍රාත් අධි­ක­රණය පසු­ගි­යදා නියෝග කළේය.

මේ සිහිකැඳ­වී­මට අදාළ ප්‍රති­චාර පිළි­බ­ඳව නැවත විමසා බැලී­මට ලබන 21 වැනිදා නඩුව යළි කැඳ­වී­ම­ටද අධි­ක­ර­ණය නියෝග කළ අතර, මහේ­ස්ත්‍රා­ත්ව­රයා කැණී­ම්ව­ලට පෙර නිරී­ක්ෂණ චාරි­කාව සිදු කිරී­මට නිය­මි­තව ඇත්තේ ඉන් පසු­වය. පසු­ගිය සැප්තැ­ම්බ­ර­යේදී චෙම්මනි සමූහ මිනී­ව­ළට අදාළ දෙවැනි අදි­යරේ කැණීම් අව­සන් කෙරිණි.

යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2025 පෙබරවාරි මස 20 වන දා සංවර්ධන කටයුතුවල නිරත වූ පිරිසක් දැක තිබිණි.

අදාළ අස්ථි කොටස් දැකීමෙන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් කටයුතු කර තිබිණ.

පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකර ගැනීමට නොහැකි වූ අතර, වර්ෂා සමය නිමා වීමෙන් අනතුරුව යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු කිරීමට නියෝග ලබා තිබේ.

කැණීම් ස්ථානය සම්බන්ධයෙන් යාපනය පොලිසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, අධිකරණ විසින් අදාළ ස්ථානය විශේෂඥ පිරිසකගේ අධීක්ෂණය යටතේ කැණීම් සිදුකළ යුතු බවට නියෝග ලබා දුන් බව පොලිසිය සඳහන් කළේ ය.