ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් ඉවත් කරන්නැයි විපක්ෂ කණ්ඩායම් ඉල්ලා සිටිය ද ආණ්ඩුව ඊට සූදානම් නැතැයි ජාතික ජන බලවේගයේ මහලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ පවසන බව ඉරිදා ලංකාදීපය වාර්තා කරයි.
මෙම සිද්ධියේ දී වංචා දූෂණ සිදුව නැති බවත් අතපසුවීම් සිදුව ඇති බවත් කී මහ ලේකම්වරයා, එම අතපසුවීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වගකිව යුතු ද නැද්ද යන්න ගැන ඊට අදාළව කෙරෙන විමර්ශනවලදී හෙළිවනු ඇති බව ද ලැබෙන නිර්දේශ අනුව ආණ්ඩුව සුදුසු පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර ඇත.
ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාව අනුව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව විසින් විමර්ශනය කරනු ලැබ එහි නිර්දේශ ඉදිරිපත් කරන බවත් එයින් අපරාධමය වරදක් සිදුව ඇත්ද යන්න සලකා බැලීමට එම නිර්දේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.
ආණ්ඩුව එම ක්‍රියාවලියට මැදිහත් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේ ය.