ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති රුපියල් බිලියන 13.2 ක දැවැන්ත මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලැසුම් කර ඇති වෝහාරික විගණනයට (Forensic Audit) පෙර එහි අධ්යක්ෂ මණ්ඩලයේ බලතල කපා දැමීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.මීට පෙර එහි අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්විය යුතුබවට එම බැංකු අභ්‍යන්තරයෙන් පීඩනයක් එල්ලවී තිබුණ ද,වෝහාරික විගණනයට පැමිණෙන විදේශීය විශේෂඥයින්ට අදාළ අධ්යක්ෂ මණ්ඩලයෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යවීම නිසා මෙම පියවර ගෙන ඇත.
මේ අතර, ඉදිරි නඩුවාරයකදී අධ්යක්ෂ මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කිරීමට හා විදෙස් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට ඉල්ලීමක් කිරීමට ද මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට යෝජනා පැමිණ ඇතැයි ද මේ අතර වාර්තා වේ.
මේ අතර, අධ්යක්ෂවරුන් තබා ගනිමින් විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කළ නොහැකි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.