ජයකොඩි පස්සට විසි වෙයි.

kumara

බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අමාත්‍ය ධූරයෙන් ඉවත්වීම නිල වශයෙන් දැනුම් දුන් වහා අදාල අසුන් පැනවීම කරන බව ද පැවසේ.කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවට පත් වූයේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙනි.