නුදුරේදී ම දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තිබෙන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
ඔහු මේ බව පැවසුවේ, අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු අද (අප්‍රේල් 20) ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.