ජනාධිපති අනුර කුමාර දිසානායක අවසානයේ බිම් මට්ටමේ යථාර්ථයන්ට හිස නමා ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සභාපති ෂම්මි සිල්වාට ඉවත් වන ලෙස නියෝග කර ඇතැයි වාර්තා වේ.ක්‍රිකට් ප්‍රධානියාගේ Mිළිබඳව ඇති දැඩි අප්‍රසාදය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීම පිළිබඳව අවධානය යොමුකොට ජනාධිපති දිසානායක මහතා දැඩි පියවරක් ලෙස සිල්වාට හැකි ඉක්මනින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව දැනගන්නට ලැබේ.
ඉන් අනතුරුව අතුරු පාලක මණ්ඩලයක් පත්කිරීමට නියමිත බවත්, එහි සභාපති ලෙස හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වන එරාන් වික්‍රමරත්න පත් කිරීමට නියමිත බවත් පැවසේ.