තම වත්කම් ප්‍රකාශනය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු වාර්තාවක් හිරු ටීවී ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇති බවට චෝදනා කරමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් ගොනුකර තිබේ.
ඔහු අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් මෙසේද සඳහන් කළේය.
“අපි අහගෙන ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕන වෙලාවට ෂොට් එක දෙනවා. දැන් එකෙකුට දීලා තියෙන්නේ. ඉතුරු එවුනුත් පරිස්සමින් ඉඳපල්ලා. කියන ඒවා ඇත්ත කියහල්ලා. ඒ අත්තවලට අපි උත්තර දෙනවා….අපිට එක එක දේවල් කියාගෙන යනවා. කියාගෙන යන්න. ඇති තරම් කියාගෙන යන්න. අපි තෝරලා තැනට ආවට පස්සේ හෙල්ලෙන්න බැරි වෙන්න දෙනවා. දැන් එක ලියුමයි. සමාව…සමාව…නෑ. සමාව දෙන්නේ නෑ. අවශ්‍ය නීතිමය රාජකාරි ඔක්කොම හරියටම කරනවා. කුපාඩි වැඩ තක්කඩි වැඩ බලු වැඩ ඔක්කොම කරලා…කරලා…අපි ඒවා අහගෙන ඉඳලා ඉඳලා..අපහාස අවමන් විඳලා එක පියවරක් ගත්ත ගමන් කියනවා වැරදීමක් වෙලාලු. සමාවෙන්නලු. සමාවෙන්න තියෙන අයිතිය යටතේ. චාන්ස් දෙන්නේ නෑ. මොකද රටේ ජනතාව අපිට දොස් කියනවා, එකසිය පනස් නවයක බලයකුත් දීලා, විධායක ජනාධිපතිකමත් දීලා, ඔය බලන් ඉන්නේ ඇයි කියලා….”