සජිත් ගෙවල් හදපු හැටි හොයන්න කමිටුවක්

dzh oaav4aatvwr

ජාතික නිවාස සංව­ර්ධන අධි­කා­රිය යටතේ 2015- 2019 කාල­සී­මාව තුළ නිවාස 64,407ක් ඉදි­කි­රී­මට සැල­සුම් කර තිබු­ණද, ඉදි­කර ඇත්තේ නිවාස 10,532ක් පම­ණක් බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (22) පැවැති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය.

එකී ව්‍යාපෘ­ති­වල ප්‍රග­තිය අවම වීම කෙරෙහි විවිධ හේතු බලපා ඇති බව නිරී­ක්ෂ­ණය වී ඇති බැවින්, එම ව්‍යාපෘ­ති­වල වත්මන් තත්ත්වය විශ්ලේ­ෂ­ණය කර සත්‍ය වශ­යෙන්ම නිවාස අව­ශ්‍ය­තාව පව­තින අඩු ආදා­ය­ම්ලාභී පවුල් හඳුනා ගැනී­ම­ටත්, අත­ර­මඟ නතර වූ ව්‍යාපෘති කඩි­න­මින් අව­සන් කර ජන­තාව පදිංචි කර­වී­ම­ටත්, ලබා දුන් ණය මුදල් අය­කර ගැනීමේ විධි­මත් ක්‍රම­වේ­ද­යක් සකස් කිරී­ම­ටත් අදා­ළව කරුණු අධ්‍ය­ය­නය කර නිර්දේශ ඉදි­රි­පත් කිරීම සඳහා විශේ­ෂඥ කමි­ටු­වක් පත් කිරී­මට නිවාස, ඉදි­කි­රීම් සහ ජල­ස­ම්පා­දන ඇමැති වෛද්‍ය සුසිල් රණ­සිංහ මහතා ඉදි­රි­පත් කළ යෝජ­නා­වට ඇමැති මණ්ඩ­ලයේ අනු­මැ­තිය හිමිවූ බව ඇමැ­ති­ව­රයා කීවේය.

dinamina