‘ජන රජයට ජන බලයක්, යන තේමාව යටතේ මෙවර ජාතික ජනබල වේගය රටපුරා මැයි රැලි 21ක් පැවැත්වීමට නියමිතය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැලිය මහරගම දී පැවැත්වෙන බවද වාර්තා වේ.
මහරගම මැයි රැලියට අමතරව ජනාධිපතිවරයා නුවරඑළියේ මැයි රැලියටද සහභාගී වීමට නියමිත බවත් ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලි දෙකක්ද සෙසු මැයි රැලි ප්‍රදේශ නියෝජනය කරන දේශපාලන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද තීරණය වී ඇතැයි සඳහන් වේ.

ගාල්ල, මාතලේ, කුරුණෑගල, රත්නපුර, යාපනය, මඩකලපුව, කඩවත මාතර, මහනුවර, හලාවත, අනුරාධපුර, වවුනියා, අම්පාර, කළුතර, තංගල්ල, කෑගල්ල, කදුරුවෙල, ත්‍රිකුණාමලය සහ වැල්ලවායේදී මෙම මැයි රැළි පැවැත්වෙන බවද සඳහන්. එකවර රටපුරා මැයි රැලි 21ක් තබමින් මාලිමාව මෙවර වාර්තාවක් තැබීමට සැලසුම්කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ මැයි රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ පච මදිවට හොරු යන තේමාවෙනි.
එම රැලියට සහභාගි වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට ඉදිරි දින කීපය ඇතුළත නිල ආරාධනාවක් කිරීමටද සජබය මේ වනවිට තීන්දු කොට තිබේ.
මේ අතර පොදුජන පෙරමුණ රටපුරා ආගමික කටයුතු සිදුකිරීමට නියමිතය.