ඇමති ලාල්ට තවත් මරාලයක්

lal khantha 1200x675px 23 03 26

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් පසුගිය වසර 14 තුළ රාජ්‍ය දේපළ බරපතළ අන්දමින් වංචා කර රජයට විශාල මුදලක් පාඩු කිරීම සම්බන්ධව රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් නව ජනතා පෙරමුණ විසින් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත අද දින භාර දෙන ලදි.

මෙම ලිපිය භාර දෙමින් නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ලාල් කාන්ත මහතා විසින් පාර්ලිමේන්තුවේ T10 මන්ත්‍රී නිවාසය වසර 14 ක් දිගටම භාවිතා කිරීම නිසා රාජ්‍ය දේපළ බරපතළ අවභාවිතයක් වු බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන බාහිර පුද්ගලයෙකුට එසේ මන්ත්‍රී නිවාසයක් තුළ තමන්ගේ දරු පවුල සමග ජීවත් වූයේ කෙසේද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බව උපතිස්ස කුමාරතුංග මහතා පැවසීය.

එසේම පහුගිය 14 වසර තුළ තමන්ගේ නැති බැරිකම් ලොවට කියාපාපු තමන්ගේ ධරිද්‍රතාවය ලොවට කියා පාපු ලාල් කාන්ත මහතා අද හිටි හැටියේ සුපිරි ධනවතෙකු වී ඇති බවත් ඔවුන්ගේ වත්කම් සහ බැරකම් පවා වංචා සහගත බවත් ඔහු සතුව ඇති වත්කම් නිසියාකාරව වත්කම් බැරකම් සටහනේ සඳහන් නොකර ඇති බවත්, තවදුරටත් සඳහන් කලා. 

එසේම වසර 14 ක් රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් මන්ත්‍රී නිළ නිවාසයක ජීවත් වූ ලාල් කාන්ත මහතා අමාත්‍ය ධූරයට පත් වී වසරක් වැනි කෙටි කාලයක් තුළ ලක්ෂ 1000 කට ආසන්න වටිනාකමින් යුත් තෙමහල් සුපිරි මන්දිරයක් වැලිවිට ප්‍රදේශයේ ඉදි කලේ කෙසේද යන්න අද රටටම ප්‍රශ්නයක් වී ඇත.