අනියම් සැමියාට ජංගම දුරකතනයක් දෙන්න දරුවා වික්ක මවක්!

46db2fc0 422c 11f1 ac78 2112837ce2aa.jpg

කිලිනොච්චිය, ධර්මපුරම් ප්‍රදේශයේදී සිඟිති දරුවෙකු මුදලට විකිණූ මවක ඇතුළු තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.දරුවා විකුණා ලබා ගත් මුදලින් අනියම් ස්වාමි පුරුෂයා රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකතනයක් මිලට ගෙන ඇති අතර, රුපියල් 10,000ක් වියදම් කර එම පවුලේ වයස අවුරුදු 4ක් වූ අනෙක් ගැහැනු දරුවාට අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලට ගෙන ඇති බව කරුණු අනාවරණය වී තිබේ. ඉන්පසු ඉතිරි මුදලින් මීට පෙර ලබා ගෙන තිබු ණයක් ගෙවා දැමූ බවට සැකකරුගෙන් සහ සැකකාරියගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.

630a3190 422d 11f1 aed7 a5ecaff37aa4.jpg