මාලේ,වියට්නාම් ජනාධිපතිවරු ලංකාවට

nw05 2

 මාල­දි­ව­යිනේ සහ විය­ට්නාම ජනා­ධි­ප­ති­වරු දෙදින නිල සංචාර සඳහා එළ­ඹෙන සතියේ ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. මාල­දි­ව­යිනේ ජනා­ධි­පති ආචාර්ය මොහො­මඩ් මුයිසු මහතා එළ­ඹෙන මැයි මස 04 දා ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබෙන අතර ඒ මහතා සමඟ මාල­දි­ව­යින් රජයේ ඇමැ­ති­වරුන් සිවු­දෙ­නෙකු ශ්‍රී ලංකා­වට පැමි­ණෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි. ශ්‍රී ලංකා – මාල­දි­ව­යින් සහ­යෝ­ඟි­තාව තව­දු­ර­ටත් පුළුල් කර­ග­නි­මින් මේ සංචා­රය සිදු­වන අතර එහිදී මාල­දි­ව­යින් ජනා­ධි­ප­ති­ව­රයා මෙරට රැඳී සිටින කාල­යේදී ශ්‍රී ලංකා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හමුවී සාකච්ඡා කිරී­මට නිය­මිත බවද එම සාක­ච්ඡා­වල දී දෙරට අතර ධීවර, වෙ‍ෙළඳ, සංචා­රක, අධ්‍යා­පන, සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර රැසක් සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කරන බවද එම අමා­ත්‍යාං­ශය පෙන්වා­දෙයි.

ඊට අම­ත­රව විය­ට්නාම ජනා­ධි­පති ටෝ ලැම් මහතා එළ­ඹෙන මැයි මස 07දා මෙර­ටට පැමි­ණී­මට නිය­මි­තව තිබෙන අතර එහිදී ඒ මහතා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝ­ජි­ත­යින් සමඟ සාකච්ඡා කිරී­මට නිය­මිත බවද වෙළෙඳ, සංචා­රක සහ ද්වීපා­ර්ශ්­වික සහ­යෝ­ගි­තාව සම්බ­න්ධ­යෙන් වැද­ගත් වන අව­බෝ­ධතා ගිවි­සු­ම­කට අත්සන් කිරී­මට නිය­මිත බවද විදේශ අමා­ත්‍යාං­ශය කියයි.

මෙර­ටට පැමි­ණෙන විය­ට්නාම ජනා­ධි­ප­ති­ව­රයා සිය ශ්‍රී ලංකා සංචා­රය අත­ර­තුර ශ්‍රී ලංකා – විය­ට්නාම රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ආරම්භ කොට වසර 55ක් සම්පූර්ණ කිරීම නිමි­ත්තෙන් පැවැ­ත්වෙන වැඩ­ස­ට­හන් සඳහා සහ­භාගි වීමට නිය­මි­තව තිබෙන අතර දෙරට අතර ආර්ථික සහ­යෝ­ගි­තාව වර්ධ­නය කර ගැනීම සම්බ­න්ධ­යෙන් ද අව­ධා­නය යොමු කෙරේ.