මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ට විරෝධය පළ කිරීමට සුගීෂ්වර බණ්ඩාර ඇතුළු නව ජනතා පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් අද (28) උදෑසන පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස අසලට ගොස් තිබුණි.
එහිදී නව ජනතා පෙරමුණේ පිරිස හර්ෂණ සූරියප්පෙරුමගේ නිවස අසල විරෝධය පළ කරමින් සිටියදී සුගීෂ්වර බණ්ඩාර ඇතුළු කිහිපදෙනෙකුට ගොම ප්‍රහාරයක් එල්ල කරන අයුරු අද දෙරණ කැමරාවේ මෙලෙස සටහන්ව ඇත.
එහිදී දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර තත්ත්වය පාලයන කිරීමට පොලීසිය කැඳවා තිබුණි.