තලතා, තාත්තා කරපු වැඩේ පුතාට මතක් කරයි

1777370147 unp 6

මෙම වසරේ මැයි 1 වැනි දින පුර පසළොස්වක පොහොය දිනයක් බැවින් තම පක්ෂයට දේශපාලන කටයුතුවලට සහභාගී වීමට හැකියාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල, සජබ මහලේකම්වරයා වන රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලිපියක් යවමින් පවසා ඇත.

“පොහොය දිනක දේශපාලන කටයුතුවලට සහභාගී වීමට එරෙහිව මුලින්ම උපදෙස් දුන්නේ දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතායි. මෙය එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදාය ද වේ. මේ නිසා අපි ඔබේ මැයි දින රැලියට සහභාගී නොවීමට තීරණය කළෙමු,” තලතා අතුකෝරල සිය ලිපියේ සඳහන් කර තිබේ.