තායි සිට ආ භික්ෂූන් කී නමක් මත් වෙලා ද?

monk 750x375

තායිලන්ත සංචාරයක් නිම කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසි දෙදෙනගෙන්, 19 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි බීබීසී සිංහල විසින් සිදු කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු බුද්ධි තොරතුරක් මත අප්‍රේල් 25 වන දා තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.140 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.10ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.