හර්ෂ ගන්නවද, නැද්ද? මෙන්න ආණ්ඩුවේ මතය

fertyuyjhfgn

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්වන බවට සංවාදයක් ඇතිව තිබෙන අතර,මේ පිලිබඳව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දක්වා ඇත.රජයේ සංවර්ධන වැඩකටයුතුවලට ගෙන එන යෝජනා වැඩිදියුණු කිරීම සඳහා විපක්ෂයේ සිට වුවද සහාය දැක්විය හැකි බව අමාත්‍යවරයා සඳහන් කළ ඔහු, වැඩිදුරටත් කියා සිටියේ හර්ෂ ද සිල්වා ආණ්ඩුවට ගැනීමට මෙතෙක් සාකච්ඡාකර නැති බවයි.

“මම හිතුවේ සාකච්ඡා කරන්නේ ආණ්ඩුව පෙරලන්න කියලා බලනකොට සාකච්ඡා කරන්නේ ඒගොල්ලන්ගේ කට්ටිය බේරගන්න නම් ඒක ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයක්. මොන දේශපාලන මතිමතාන්තරයක් දැරුවත් රට හදන්න දක්ෂතාවක් හැකියාවක් කැපවීමක් තියෙන අවංකව වැඩ කරන මිනිස්සු එකතු කරගන්න අපි කවදාවත් පැකිලෙන්නේ නැහැ. අපිට ඡන්දෙ නොදීපු කෙනෙක් උනත් අවංකව රට හදන්න කැපවෙනවනම් මේ සංවර්ධන ක්‍රියාවලියට රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු කරගන්න අපි සූදානම්”