වාහනවලට දාපු දැවැන්ත තීරු බද්ද ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

sunrise ford ford lineup yellow gray blue red black vehicle variety

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත  50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) සිට මාස තුනක කාලසීමාවක් සඳහා මෙම සියයට 50ක අධිභාරය අය කිරීමට නියමිතය.

වාහන ආනයනය මත පැනවූ 50%ක අධිභාරය ගැන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඒ අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“අපිට අභියෝගයක් තියෙනවා ආනයනය සඳහා පසුගිය මාස දෙකේ ඩොලර් බිලියන 2කට වඩා පසුගිය මාස 2 වැඩිවෙලා තිබෙනවා. වාහන ආනයනයේදීත් සෑහෙන වේගයෙන් පසුගිය කාලයේ LC විවෘත වුණා. අපි තීන්දුවක් ගත්තා. මේ තීන්දුවෙදි කරන්නේ පුද්ගලික පරිහරණය කිරීම සඳහා භාවිත කරන වාහන ආනයනය කිරීමේදී මාස 3ක කාල සීමාව සඳහා අපි බදු වැඩිකරනවා. අරමුණ බවට පත්වෙන්නේ ඒ මාස 3ක කාල සීමාව සඳහා පුද්ගලික පරිහරණය කරන වාහන ආනයනය කරන වාහන ඔබට පුළුවන් නම් පමා කරන්න කියන පණිවිඩය මේ දෙන්නේ. මිල වැඩි කිරීම නෙමෙයි. තහනම් කළානම් මොකද වෙන්නේ අත්‍යවශ්‍ය කෙනෙකුට ගෙන්න ගන්න බැරිවෙනවා මොකක්ද අපි පැනෙව්වේ වාහන ආනයනය කිරීමේදී තියන තීරු බද්ද  30%යි. ඒ 30%න් 50%ක් ඒ කියන්නේ 15%යි වැඩිවෙන්නේ. 50%කින් වාහන මිල ඉහළ යනවායි කියන එක සම්පූර්ණ මිත්‍යාවක්. එහෙම වෙන්නේ නෑ. වැඩි වුණෙත් වැඩිවෙන්නේ 15%කින් ඒ වැඩිවීමක් සිද්ධ වෙන්නේ කාට හෝ පරිභෝජනය මාස 3කට කල් දරාගෙන ඉන්න බැරි අය විතරක් මේක ගෙවන්න සිද්ධ වෙනවා. ඒක පොදුවේ වෙළෙඳපොළේ මිලට බලපාන්නේ නෑ.”