හැකර්ලා අල්ලන්න ඕිස්ට්‍රේලියා සහය

m00000000933 whatsapp image 2025 01 09 at 10.38.31

 මුදල් අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධ මෑත කාලීන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රජය අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ජාත්‍යන්තර සහාය ලබා දෙමින් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඇය පැවසුවාය. 

විශේෂයෙන්, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා විසින් දැනුම් දුන් පරිදි, ඕස්ට්‍රේලියාව පරීක්ෂණයට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබේ.මේ අතර අග්‍රාමාත්‍යවරියට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන බවට සඳහන් වන විශ්වාසභංගය සම්බන්ධවද ඇය අදහස් දැක්වූවාය.

“මට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න නේ හදන්නේ. මම බලන් ඉන්නවා ඒක එනකන් පාර්ලිමේන්තුවට. මොකද හේතුව මට එතකොට මට අවස්ථාව හම්බෙනවානේ ඒවාට උත්තර දෙන්න. ඉතිං කියනවානේ.. විවිධ කතා කියනවා මම නම් යෝජනා කරන්නේ ජනතාව හරියට තේරුම් ගන්නත් ඕනේ අපිට විපක්ෂයක් ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක විපක්ෂයක් තියෙන එක අත්‍යවශ්‍ය දෙයක්. ආණ්ඩුව වැරදි දේවල් පෙන්නුම් කරන එක හෝ වෙනත් දේශපාලන මතයක් නියෝජනය කරන එකත් වැදගත්. ඒකද මේ විපක්ෂය කරන්නේ කියන එක අපිට හිතන්න වෙනවා ජනතාවත් හිතන්න වෙනවා.”