ඉරාන විදේශ ඇමති එනතුරු ඉස්ලාමාබාද් අපේක්ෂාවෙන්

1777033132 ada derana web 02

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන යුද ගැටුම් නතර කිරීම සඳහා වන සාකච්ඡා සඳහා ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි අද (24) පාකිස්තානයේ ඉස්ලාමාබාද් වෙත පැමිණීමට අපේක්ෂා කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙම සාකච්ඡා මෙම සති අන්තයේදී පැවැත්වීමට අවධානය යොමුව ඇති බව අල් අරාබියා පුවත් සේවය වාර්තා කර තිබෙනවා.