අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල “ෆිෂින්ග් ඇටෑක්” ක්‍රමවේදය හෙවත් පරිගණක භාවිත කරන්නන් ව්‍යාජ තොරතුරු ලබාදී නොමඟ යවා අත්පත් කරගෙන ඇති බව . ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ පෙන්වා දෙනවා.
ඔහු සඳහන් කරන්නේ එම මුදල් ලබාගැනීම තාක්ෂණික අභියෝග මැද සිදුකළ යුත්තක් බවයි.
“මූලික පරීක්ෂණවලින් අඳුරගන්න පුළුවන් මේ Business Email Compromise (BEC) හෙවත් ආයතනික විද්‍යුත් තැපැල් ගිණුමකට අනවසර ප්‍රවේශයක් ලබාගෙන හෝ අනෙක් පාර්ශ්වය විදිහට බොහෝ වෙලාවට පෙනී සිටිමින් සිදුකරන වංචාවක් විදිහට. මෙහිදී බොහෝ වෙලාවට විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනීසිට ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කොට අදාළ මුදල් ලබාගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවෙන්නේ.
තෙවන පාර්ශ්වයක් කාලයක් ඉඳලා මේ ගනුදෙනුව විමර්ශනය කරමින්, බොහෝ වෙලාවට නිසි වේලාවේදී වෙනත් ගිණුමකට අදාළ විස්තරයක් එවලා තමයි මුදල් ලබාගෙන තියෙන්නේ. ඉතින් එහිදී බොහෝවෙලාවට අදාළ පාර්ශ්වයට හා සමාන වෙබ් අඩවි පාවිච්චි කරමින්, වෙබ් ලිපි පාවිච්චි කරමිනුයි සූක්ෂ්මව මෙවැනි e – mail පණිවිඩයක් එවලා තියෙන්නේ. ” යනුවෙන් ඔහු පෙන්වා දෙනවා.