නලින්ගේ කතාවට ප්‍රසන්න උත්තර බඳී

d19cc2d1 f7d6 4fe4 b581 5948c397b5d7

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ ඊට අදාළ වෙනත් කිසිදු ගිණුමකින්, කිසිදු සමාගමකට හෝ කොන්ත්‍රාත්කරුවෙකුට එකම ගෙවීම දෙවතාවක් සිදු කර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර පසුගියදා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද(27) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සදහන් විය.

“ඒ ගිහිල්ලා තියෙනවා කියන්නේ ලංකා බැංකුවෙන්නේ මාර්ග සංවර්ධන ගිණුමෙන් වත් වෙනත් ගිණුමකින්වත් සතයක්වත් double Payment එකක් වෙලා නෑ. ඒක අපි ස්තීර වශයෙන් කියනවා. නිලීන් බණ්ඩාර මන්ත්‍රිතුමා කියනවා නම්, ඒ කියන කාරණා ටික සම්පූර්ණයෙන් වැරදී. “

ප්‍රශ්නය- එතකොට BOC එක හරහා සිදුවෙලා තියෙනවා කියන්නේ?

“ඒක අහන්න ඕනේ  BOC එකෙන්. අපේ ප්‍රධාන ගිණුමෙන් යම්කිසි මුදලක් යවන්න තියෙනවා නම්, අපි ඒ මුදල දානවා තවත් ගිණුමකට. එ් අනුව අපි නිර්දේශ කරනවා මේ අයට ගෙවන්න කියලා. එතකොට ඒ අය ඒක ගෙවනවා. ඊට අමතරව තවත් පාරක් සල්ලි දැම්මොත් තමයි ඒ අය ගෙවන්නේ. අපි සල්ලි දාන්නේ නැතුව   BOC එකෙන් සල්ලි ගෙවන්නේ නෑනේ. අපේ එ්වාට අපේ එකවුන්ට් වලින්.”

“Overpayment එකක් වෙලා තියෙනවා නම් බැංකුවකින් වැරදීමකින්, ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නෙමෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සතයක්වත් නෙමෙයි. ඒක බැංකුවක් සහ කොන්ත්‍රාත්කරුවෙක් අතර සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒක මාර්ග සංවර්ධන අධිකාරිය සහ බැංකුව එක්කවත්, මාර්ග සංවර්ධන අධිකාරි සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවෙච්ච එකක්වත් නෙමෙයි.”