සජබ ඉල්ලීමට එජාපය ‘හා’ කියයි

download (1)

සමගි ජන බලවේගයේ ආරාධනය පිළිගනිමින් එම පක්‍ෂය විසින් පවත්වනු ලබන මැයි දින රැලියට සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.

මැයි දින සැමරුමට එක්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මත්දුම බණ්ඩාර මහතා විසින් එක්සත්ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මිය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කරතිබිණි.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මහලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කරර තිබේ.

සිංගප්පූරුවේ දී සිදුකළ හෘදය සැත්කමකින් පසුගියදා මෙරටට පැමිණි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
වෙත ලබා දී ඇති වෛද්‍ය උපදෙස් වලට අනුව ඔහු මෙවර මැයි දින උත්සවය සඳහා සහභාගී නොවනු ඇති බව සිරිකොත එජාප ප්‍රකාශකයේක් පැවසීය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සෙසු නායකයින් සමගි ජන බලවේගයේ මැයි දින රැලියට සහභාගි වීමට නියමිතය.