ශානි DIG ධූරයට උසස්කොට හිඟ වැටුප් ගෙවන්නත් නියෝගයක්

image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා, 2019 වසරේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව ඉන් ඉවත් කර ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ සහකාර ලෙස මාරු කළේ ය.රන්ජන් රාමනායකගේ හඬ පටයක් මත පදනම් වී 2020 ජනවාරි මාසයේ දී ඔහුගේ වැඩ තහනම් කරන ලදී.

පසුව 2020 අගෝස්තු මාසයේ දී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර, මාස දහයක කාලයක් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබුණි. අභියාචනාධිකරණය ශානි අබේසේකර මහතාට ඇප නියම කළේ ය.

පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් විමර්ශනය කළ අතර, සියළු චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කරන ලදී.

ඒ අනුව ඔහුට හිමි හිග වැටුප් ලබා දීමට ද ජාතික පොලිස් කොමිසම කටයුතු කළේ ය.