හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
T-56 මැගසින් දෙකක්, පතොරම් 221ක් සහ අත්බෝම්බයක් සමග ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය අද (16) පෙරවරුවේ හිටපු මන්ත්‍රීවරයාගේ පිළියන්දල පිහිටි නිවෙස පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම අවිආයුධ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය සදහන් කරයි.
ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් දේශපාලනය පිවිසි චන්දන කත්‍රිආරච්චි පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායක මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්ද දැරීය.