බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසුණ ද, පසුව අයිතිකරුවකු නොමැති බව ප්‍රකාශ වූ අධිකරණ අමාත්‍යාංශයට පවරාගත් මල්වානේ පිහිටි අක්කර 16ක භූමිය සහ මන්දිරය වහාම රජය මැදිහත් වී විශ්වවිද්‍යාල පද්ධතියට පවරා දිය යුතු බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) එම පරිශ්‍රයට ඊයේ (14) ඇතුළු වී එය අත්පත්කරගෙන තිබේ.
වර්තමානය වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින උග්‍ර ඉඩකඩ හිඟය හමුවේ මෙවැනි දේපළ රජයට පවරා ගැනීමෙන් පමණක් නොනැවතී, ඒවා ප්‍රායෝගිකව ශිෂ්‍ය ප්‍රජාවගේ ප්‍රයෝජනයට ලබා දිය යුතු බව ශිෂ්‍ය නායකයෝ පෙන්වා දෙති.
ඔවුන් ප්‍රකාශ කළේ ජනතාවගෙන් කොල්ල කෑ දේපොළ යළි ජනතාවට ලබාදීමේ රජයේ පොරොන්දුව මත මෙම නිෙවස සහ ඉඩම විශ්වවිද්‍යාල ඇතුළු රජයේ ආයතන වෙත ලබාදිය යුතු බවයි.
විශේෂයෙන්ම කොළඹ ආශ්‍රිතව පිහිටි විශ්වවිද්‍යාලවල පවතින ඉඩකඩ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මෙම භූමිය පවරා ගත යුතු බව ඔවුන්ගේ තර්කයයි.