අන්ධකාරය මැද එල්ලී තිබූ ජීවිතාරක්ෂක බෝට්ටුව

vxp6mahay2

වර්ෂ 2026 අප්‍රේල් මස මුල් සතිය මානව ඉති­හා­සයේ රන් අකු­රින් ලියැ­වුණු සති­යක් ලෙස අනා­ගත පර­පුර විසින් හඳු­න්වනු ලැබීම දැන් කිසි­සේත්ම නතර කළ නොහැකි වනු ඇත. 1972 වසරේ ඇපලෝ 17 මෙහෙ­යු­මෙන් පසු, දශක පහ­කට වැඩි කාල­යක් මිනි­සකු සඳ අස­ල­ට­වත් ගොස් නොතිබූ නිහඬ යුගය නිමා කර­මින් නාසා ආය­ත­නයේ ආටෙ­මිස් II මෙහෙ­යුම සිය ජය­ග්‍රාහී ගමන සාඩ­ම්බර ලෙස නිමා කර­මින් පසු­ගිය දිනෙක පැසි­ෆික් සාග­ර­යට ගොඩ­බ­සිනු ලැබීය. මෙය හුදෙක් තාක්ෂ­ණික මෙහෙ­යු­මක් නොව, පෘථි­වි­වාසී සියලු දෙනාගේ බලා­පො­රොත්තු අභ්‍ය­ව­කා­ශයේ ඈත කෙළ­වර දක්වා රැගෙන ගිය මානු­ෂීය චාරි­කා­වකි.

අප්‍රේල් පළමු වැනිදා පෘථි­වි­යෙන් නික්මුණු රීඩ් වයි­ස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කෝච් සහ ජෙරමි හැන්සන් යන ගග­න­ගා­මීන් සිව්දෙනා, පසු­ගිය අප්‍රේල් 6 වැනිදා මානව වර්ගයා තබා තිබූ දැවැ­න්තම සීමා­වක් පසු කළහ.

ඒ, 1970 දී ඇපලෝ 13 මෙහෙ­යුම විසින් තබා තිබූ මිනි­සෙකු පෘථි­වියේ සිට ගිය වැඩිම දුර (සැත­පුම් 248,655) වාර්තාව බිඳ හෙල­මිනි. ඔවුන් පෘථි­වියේ සිට සැත­පුම් 252,757ක් ඈතට ගමන් කර­මින් නව ලෝක වාර්තා­වක් පිහි­ටු­වන විට, මුළු පෘථි­වි­යම ඒ දෙස බලා සිටියේ වේග­වත් හද ගැස්ම­කිනි.

boots up on the moon illustration

එම වාර්තාව තැබූ මොහො­තේදී පාලන මැදි­රියේ සිට ගග­න­ගා­මීන් වෙත මානව ඉති­හා­සයේ දුරම සිට යැවූ දිගම ඊමේල් පණි­වි­ඩය යැවී­ම­ටද නාසා ආය­ත­නය කට­යුතු කළේය.

එයින් සංකේ­ත­වත් කළේ තාක්ෂ­ණය කොත­රම් දුර ගියද පෘථි­විය සහ එහි දරු­වන් අතර ඇති සබ­ඳ­තාව කිසිදා බිඳ නොවැ­ටෙන බවය.

එමෙන්ම මෙහෙ­යුමේ වඩාත්ම අව­දා­නම්සහ­ගත මෙන්ම උද්වේ­ග­කර අව­ස්ථාව වූයේ ඔරා­යන් යානය සඳෙහි අපට නොපෙ­නෙන පැත්ත හෙවත් ‘අඳුරු පැත්ත’ හරහා ගමන් කළ මොහො­තයි. සඳෙහි ඇති දැවැන්ත ස්කන්ධය නිසා පෘථි­විය සමඟ තිබූ සිය­ලුම රේඩියෝ සන්නි­වේ­ද­න­යන් විනාඩි හත­ළි­හක කාල­ය­කට අත්හි­ටු­වී­මට සිදු වූ අතර, එම නිහ­ඬ­තාව තුළ ගග­න­ගා­මීන් තනිව සිටි­යද, ඔවුන් දුටු දසුන් අති­ශය විශ්ම­ය­ජ­න­කය බව කිව හැකි ය.

ගග­න­ගා­මීහු මෙම කාලය තුළ සඳ මතු­පිට සිට කිලෝ­මී­ටර් 6,545ක් තරම් ආස­න්න­ය­ටම ගමන් කිරී­මට සමත් වූහ. එහිදී ඔවුන් හට කිසිදු මිනි­සකු පියවි ඇසින් මෙතෙක් දැක නොතිබූ සඳෙහි අඳුරු පැත්තේ දසුන් ඡායා­රූ­ප­ගත කර ගැනී­මට හැකි වූ අතර, පෘථි­වියේ සිටින අපට හිරු බැස යනවා දැකීම අති­ශ­යින් සාමාන්‍ය දසු­නක් වුවද, සඳ පිටු­පස සිට අපේ නිල් පැහැති ලෝකය සඳෙහි ක්ෂිති­ජ­යෙන් බැස යන අපූර්ව පෘථිවි බැස යාම නිරී­ක්ෂ­ණය කිරී­මට ඔවුහු වාස­නා­වන්ත වීම කොත­රම් අපූර්ව අත්දැ­කී­ම­ක්දැයි සිතා ගැනී­මට ද නොහැ­කිය.

මෙම මෙහෙ­යුමේ වැද­ගත්ම විශේ­ෂ­ත්වය වන්නේ එහි ඇති අති­ශය මානු­ෂීය මුහු­ණු­ව­රයි. ගග­න­ගා­මීන් සඳෙහි දුටු අලුත් ආවාට දෙක­කට නිල නොවන ලෙස නම් තැබී­මට කට­යුතු කළ අතර, වැද­ගත් වන්නේ ඔවුන් ඒවාට තැබූ නාම­යන්හි අරු­තයි.

ඉන් එකක් තම යානය සිහි­වීම සඳහා ඔවුන් විසින් ‘Integrity’ ලෙසත්, අනෙක අණ­දෙන නිල­ධාරී රීඩ් වයි­ස්මන්ගේ පිළි­කා­වක් හේතු­වෙන් 2020දී මිය­ගිය ආද­ර­ණීය බිරිඳ සිහි­වීම පිණිස ‘Carroll’ ලෙසත් නම් කරන ලදී. කොත­රම් ඈත අභ්‍ය­ව­කා­ශ­යක සිටි­යත් මානව සබ­ඳ­තා­වල වටි­නා­කම ඔවුන් එසේ ලොව­ටම පෙන්වා දුන්නේ ඒ මොහොතේ සජීවී ලෙස ඔවුන් දෙස බලා සිටි සියලු දෙනා සංවේදී කර­මිනි.

විශේ­ෂ­යෙන්ම, ක්‍රිස්ටිනා කෝච් මෙම මෙහෙ­යු­මට එක්වීම සහ ඇගේ හැකි­යා­වන් පිළි­බඳ විවි­ධා­කා­රයේ මති­ම­තා­න්තර පැතිර ගියද ඇය සැබ­වින්ම ලෝක වාර්තා රැසක් හිමි වෘත්තී­ය­වේ­දි­නි­යකි. අභ්‍ය­ව­කා­ශයේ වැඩිම කාල­යක් ගත කළ කාන්තාව ලෙස මෙවර ඇය සතු අත්දැ­කීම්, අනා­ග­ත­යේදී සඳ මතට කාන්තා­වක් ගොඩ­බැ­ස්වීමේ ‘ආටෙ­මිස් III’ මෙහෙ­යු­මට තව­දු­ර­ටත් ශක්ති­මත් පද­න­මක් සප­යනු ඇත.

ආටෙ­මිස් II මෙහෙ­යුමේ අති­ශය දුර්ලභ සිදු­වී­මක් වූයේ ගග­න­ගා­මීන් හට අභ්‍ය­ව­කා­ශ­යේදී පූර්ණ සූර්ය­ග්‍ර­හ­ණ­යක් අත්වි­ඳී­මට ලැබී­මයි. පෘථි­වියේ සිට අප දකින සූර්ය­ග්‍ර­හ­ණ­ය­කට වඩා මෙය හාත්ප­සින්ම වෙනස් වූ අතර, එහිදී ඔවුහු සූර්යයා සම්පූ­ර්ණ­යෙන්ම වැසී ගිය පසු, සූර්ය­යාගේ පිටත වායු­ගෝ­ලය හෙවත් ‘කොරෝ­නාව’ අද්භූත රිදී පැහැති කෙඳි සමූ­හ­යක් ලෙස විහිදී යන අයුරු දුටු­වෝය. වික්ටර් ග්ලෝවර් මෙය ඉතා සංවේදී ලෙස හැඳි­න්වූයේ බේබි හෙයාර් ලෙසිනි.

සඳ යනු අළු සහ සුදු පැහැති නිසල වස්තු­වක් ලෙස අප සිතු­වද, ක්‍රිස්ටිනා කෝච් සහ ජෙරමි හැන්සන් සඳෙහි ඇතැම් ප්‍රදේශ කොළ පැහැ­යට සහ දුඹුරු පැහැ­යට හුරු වර්ණ­ය­න්ගෙන් දිස්වන බව පවසා ලෝක­යම මවි­ත­යට පත් කළහ. මෙය සඳෙහි අතී­තයේ සිදු වූ ගිනි­කඳු පිපි­රීම් පිළි­බඳ නව විද්‍යා­ත්මක සොයා­ගැ­නී­ම්ව­ලට මඟ­පා­ද­න්නක් විය හැකි බවට විද්‍යා­ඥයෝ මත පල කරති.

ආටෙ­මිස් II මෙහෙ­යුමේ අව­සන් අදි­යර ආරම්භ වූයේ අප්‍රේල් 8 වැනිදා යානය නිල වශ­යෙන් පෘථිවි ගුරු­ත්වා­ක­ර්ෂ­ණ­යට නතු වීමත් සම­ඟය. සඳේ සිට පැයට කිලෝ­මී­ටර් 40,000ක අධි­වේ­ග­ය­කින් පැමිණි ඔරා­යන් යානය, පෘථිවි වායු­ගෝ­ල­යට ඇතුළු වීමේදී ඇති වූ සෙල්සි­යස් අංශක 2,800ක දැඩි තාපය සාර්ථ­කව දරා ගත්තේය. මෙහිදී නාසා ඉංජි­නේ­රු­වන් භාවිත කළ ‘Skip Entry’ තාක්ෂ­ණය නිසා යානය වායු­ගෝ­ලය මතු­පිට ගල් කැට­යක් මෙන් පතිත වී නැවත ඉහ­ළට එසවී ගොඩ­බැ­සීම නිසා ගග­න­ගා­මීන් මත ඇති වූ පීඩ­නය අවම විය.

අව­සා­නයේ පාපන්දු පිටි­යක ප්‍රමා­ණ­යට සමාන රතු සහ සුදු වර්ණ දැවැන්ත පැර­ෂුට් තුනක් දිග හැරෙ­මින්, යානයේ වේගය පැයට කිලෝ­මී­ටර් 30 දක්වා අඩු කළේය. පැසි­ෆික් සාග­රයේ බාජා කැලි­ෆෝ­නියා වෙර­ළට ඔබ්බෙන් වූ මුහු­දට යානය මෘදු ලෙස පතිත වන විට, අමෙ­රි­කානු නැඟෙ­න­හිර වේලා­වෙන් අප්‍රේල් 10 වැනිදා රාත්‍රී 8 පසු වී මිනිත්තු 6ක් විය. මෙහිදී අමෙ­රි­කානු නාවික හමු­දාවේ USS John P. Murtha නෞකාව සහ නාසා කණ්ඩා­යම් ඉතා කඩි­න­මින් ගග­න­ගා­මීන්ව යාන­යෙන් පිට­තට ගැනී­මට කට­යුතු කළ අතර, මෙහෙ­යුම පුරා­වට ගිගා­බ­යිට් 175කට අධික අධි-විභේ­දන ඡායා­රූප සහ විද්‍යා­ත්මක දත්ත ඔවුන් විසින් පෘථි­විය වෙත එවා තිබීම අති මහත් විශේ­ෂ­ත්ව­යකි.

“අපි තෝරා­ගන්නේ අපේ පෘථි­වි­ය­මයි”

මෙහෙ­යුම අත­ර­තුර ක්‍රිස්ටිනා කෝච් පැවසූ එක් ප්‍රකා­ශ­යක් ලෝක­යේම අව­ධා­නය දිනා­ගෙන තිබිණ.”අපි කොත­රම් ගවේ­ෂ­ණය කළත්, අපි අව­සා­නයේ තෝරා ගන්නේ අපේ පෘථි­වි­ය­මයි, අපි තෝරා ගන්නේ එකි­නෙ­කා­වයි.”

එමෙන්ම ඇය තවදුර­ටත් ප්‍රකාශ කරන ලද්දේ මෙතෙක්ම තමා ජීවත් වූ සුන්දර පෘථි­විය ඉතා­මත් කුඩා­වට තමාට වඩා බොහෝ ඈතින් දිස් වද්දී ඒ වටා වූ අඳුරු අව­කා­ශය මැද අපේ පෘථි­විය නිස­ලව පාවෙන කුඩා ජීවි­තා­ර­ක්ෂක බෝට්ටු­වක් මෙන් සහ­න­දායී හැඟී­ම­කින් දැනුණු වගයි. එමෙන්ම එම පෘථි­විය නම් බෝට්ටුවේ සිටින සැවොම එකම කණ්ඩා­ය­මක් බවයි.

artemis ii 860x573.jpg

ආටෙ­මිස් II මෙහෙ­යුම යනු හුදෙක් තාක්ෂ­ණික පරී­ක්ෂ­ණ­යක් නොව, මානව වර්ගයා නැව­තත් අභ්‍ය­ව­කා­ශය ජය ගැනී­මට තැබූ දැවැන්ත පිය­ව­රකි. මෙම වීර­යන් සිව්දෙනා සාර්ථ­කව පෘථි­වි­යට පැමි­ණීම, ලබන වසරේ සිදු වීමට නිය­මිත ‘ආටෙ­මිස් III’ මෙහෙ­යුම හරහා මිනිසා නැව­තත් සඳ මත ඇවි­දින යුග­යක උදාව සනි­ටු­හන් කරයි. ඔවුන් රැගෙන ආවේ තරු අත­රින් නෙළා­ගත් දැනුම පම­ණක් නොව, මානව වර්ග­යාගේ අසී­මිත හැකි­යා­වන් පිළි­බඳ නව­තම බලා­පො­රො­ත්තු­වකි.

silumina