හෝමුස් ඇරියා..ආයේ වැහුවා

images (2)

හෝමූස් සමුද්‍ර සන්ධිය සියලු නෞකා­ව­ලට විවෘත කිරී­මෙන් පැය 24කට පසු යළි වසා දැමී­මට ඉරාන ආර­ක්ෂක හමු­දාව පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙ­රි­කානු හමු­දාව ඉරාන නෞකා අව­හිර කිරිම අත්හි­ටු­වීමේ කොන්දේ­සිය මත පසු­ගිය සිකු­රාදා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ ඉරාන ආර­ක්ෂක හමු­දාව නැවත එය වසා දැමීමට කට­යුතු කර ඇත්තේ දෙරට අතර අර්බු­දය සම­ථ­ය­කට පත්ව­න­තුරු ඉරාන නෞකා අව­හිර කරන බවට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරි­මෙන් පසුව බව ද වාර්තා වේ.

ට්‍රම්ප්ගේ නියෝ­ග­යට අනුව අමෙ­රි­කානු නාවික හමු­දාව අරාබි මුහුදේ රඳවා ඇති යුද නෞකා භාවිත කර­මින් පසු­ගිය සඳුදා සිට කිසිදු නෞකා­ව­කට ඉරා­න­යෙන් පිට­වී­මට සහ ඇතු­ළු­වී­මට නොහැකි ලෙස අව­හිර කළ අතර, පෙරේදා වන විට ඉරා­න­යට සම්බන්ධ නෞකා 23ක් ආපසු හරවා යවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉරාන ඉස්ලා­මීය විප්ල­ව­වාදී ආර­ක්ෂක හමු­දාව ප්‍රකාශ කර ඇත්තේ නැවත දැනුම් දෙන­තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ කිසිදු නෞකා­ව­කට යාත්‍රා කිරී­මට අව­සර නැති බවය. එමෙන්ම එවැනි උත්සා­හ­යක නිර­ත­වන ඕනෑම නෞකා­වක් සිය සතු­රන් ලෙස සලකා වෙඩි තබන බවට ද ඉරාන ආර­ක්ෂක හමු­දාව අන­තුරු අඟවා තිබේ.